පාකිස්ථාන අර්බුධය සම්බන්ධයෙන් ඉන්දියාව ඉරානය දැනුවත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඒ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චිගේ ඉන්දීය සංචාරය අතරතුරදී යි.
එම සංචාරයේදී ඔහු ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් හමුවී තිබුණු අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එහි දී පාකිස්ථාන අර්බුධය සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා.
එහිදී අමාත්‍ය ජයිශංකර් පවසා ඇත්තේ තම අභිප්‍රාය පාකිස්ථානය සමඟ තත්ත්වය උත්සන්න කිරීම නොවන බවයි.
එහෙත් පාකිස්ථානයෙන් හමුදා ප්‍රහාර එල්ල වුවහොත් එයට ඉතා දැඩි ප්‍රතිචාරයක් දක්වන බවත් ඔහු පවසා තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මේ බව ප්‍රකාශ කර තිබුණේ නවදිල්ලියේ සිය ඉරාන සහකාර ආචාර්ය සෙයිද් අබ්බාස් අරාග්චි සමඟ ඉන්දීය-ඉරාන 20 වැනි ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමේ සම සභාපතිත්වය දරමින්.
එමෙන්ම පෙහෙල්ගාම් වෙත එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් ඉන්දියාවට පාකිස්ථාන දේශසීමාවේ සිටින ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට පහර දීමට සිදුවූ බව ද අමාත්‍ය ජයිශංකර් පවසා තිබුණා.
අමාත්‍ය ජයිශංකර් ඉරාන විදේශ අමාත්‍ය අරාග්චි ට වැඩිදුරටත් පවසා ඇත්තේ, අසල්වැසියෙකු සහ සමීප සහකරුවෙකු ලෙස ඉරානය මෙම තත්ත්වය හොඳින් දැන සිටීම වැදගත් බවයි.
Follow US







Most Viewed Stories