මේ ආණ්ඩුව ඉක්මනින් පෙරළා දැමීම සිදු නොකළහොත් හයිවේ එක මැද්දේ පාක්ෂිකයින් බත් කන දවසක් එන බව පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න සඳහන් කරනවා.
ඔහු මේ බව සඳහන් කර සිටියේ හිරු බලය වැඩසටහනට එක්වෙමින්.
එමෙන්ම මේ ආණ්ඩුව බලය ලැබුණට පසුව උද්දච්ච විදිහට හැසිරෙන බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසුවේ.
එහිදී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න,
''මේ ආණ්ඩුව බලය ලැබුනට පස්සේ හැසිරෙච්ච විදිහ ඒකට මේ වචනයට සමාවෙන්න. උද්දච්චකම තමයි කියන්න වෙන්නේ. මට මෙන්න මේ උදාහරණ කියලා ඉවර කරන්න දෙන්න. හයිවේ එක ඕපන් කළේ 2011 නොවැම්බර් විසිහය. ඊට පස්සේ මැයි දින හය හතක් තිබ්බා මේ ලංකාවේ. NPP බස් හයිවේ එක දිගේ මැයි දිනවලට කොළඹ ආවානේ මීට පෙරත්. ඊට පෙර කවදාවත් හයිවේ එකේ බස් නතර කරලා බත් කෑවද මේගොල්ලෝ? ඇයි මේ පාරත් බත් දැන් අපේනේ ආණ්ඩුව. දැන් අපේ ආණ්ඩුව. මං කියන්නේ මේක නොදැනුවත්කම දන්නැතිකම නිසා බත් කන්න ඉඩ තියෙනවා. මම ඉතාම සරල උදාහරණෙකින් මේක ගන්නේ. අර සභානායකවරයා පාර්ලිමේන්තුවේදී පෙන්වන උද්දච්චකම නලින්ද ජයතිස්ස කැබිනට් ප්රෙස් එකේදි පෙන්වන උද්දච්චකම. පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවාම ඔය පොලිස් භාර ඇමති, අධිකරණ ඇමති පෙන්වන උද්දච්චකම තමයි අර ගමේ පාක්ෂිකයා හයිවේ එකේ බත් කාලා පෙන්නුවේ. මම ඉතාම සරල ප්‍රශ්නයක් අහන්නේ. මීට පෙරත් බත් කන්න තිබ්බනේ. දැන් එයාලට හිතෙනවා ආණ්ඩුව අපේ. අපිට ඕන එකක් කරන්න. හයිවේ එක මැද්දේ බත් කන්නේ මේ ආණ්ඩුව ඉක්මන්ට පෙරලලා දැම්මේ නැත්නම්.''
Follow US







Most Viewed Stories