ඉන්දියාව සහ පාකිස්ථානය අතර යුධමය තත්ත්වයක් නැග එන අතරවාරයේ, ඉන්දියාවේ ආරක්ෂක කටයුතු පිළිබඳ මධ්‍යම අමාත්‍ය සංජේ සෙත් මොස්කව් නුවරට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, මැයි 9 වන දින රතු චතුරශ්‍රයේ පැවැත්වෙන ජයග්‍රාහී දින උත්සවයට සහභාගී වීම සඳහායි.
ඒ අනුව එම උත්සවයේ ඉන්දීය නියෝජනය මධ්‍යම අමාත්‍ය සංජේ සෙත් බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.
දෙවන ලෝක යුද්ධයේදී නාසි ජර්මනියට එරෙහි ජයග්‍රහණය සනිටුහන් කරන 80 වැනි සංවත්සර උත්සවය සැමරීමට රුසියාව එම උත්සවය සංවිධාන කර තිබෙනවා.
රුසියාව එම උත්සවය සඳහා ආරාධනා කර තිබුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිටයි එහෙත් පෙහෙල්ගාම් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හමුවේ අග්‍රාමාත්‍යවරයාගේ රුසියානු සංචාරය අවලංගු කර තිබුණා.
අනතුරුව ඒ සඳහා ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහභාගී වීමට නියමිතව තිබුණ ද ඉන්දු - පාකිස්ථාන අර්බුදය තීව්‍ර වීම හේතුවෙන් රාජ්නාත් සිංට ද සිය රුසියානු සංචාරය අවලංගු කිරීමට සිදුව තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
Follow US







Most Viewed Stories