හත් හැවිරිදි සිය දරුවාගේ වකුගඩු සැත්කමක් සඳහා රජයෙන් ලබාදෙන සහනාධාර මුදල ලබා ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබාදීම සඳහා තිස් හැවිරිදි තිදරු මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ දිවි නැගුම සංවර්ධන නිලධාරියෙකුට කොළඹ මහාධිකරණය විසින් අද බරපතළ වැඩ සහිත වසර 20 ක් සිර දඬුවම් නියම කළා.
තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ නියෝග කළේ මෙම සිර දඬුවම වසර 10 කින් ගෙවී යා යුතු බවටයි.
ඊට අමතරව විත්තිකරුට ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අයිතිය ඇතුළු සිවිල් අයිතිවාසිකම් අහිමිවන බවට මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දෙන ලෙසත් විනිසුරුවරයා විසින් නියෝග කළා.
එමෙන්ම ඔහුට රුපියල් විසිදහසක දඩයක්ද නියම කෙරුණා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරු රජයේ නිලධාරියෙකු වශයෙන් තම වගකීම ඉටු කිරීම සඳහා අසරණ කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.
වරදේ බරපතලභාවය සැලකිල්ලට ගැනීමේදී ලිහිල් දඬුවම් නියම කිරීමට හැකියාවක් නොමැති බවත් ඒ අනුව මෙම දඩුවම නියම කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.
Follow US







Most Viewed Stories