පාප් වහන්සේ මෙහෙයවන මංගල දිව්‍ය පූජාව අද

Friday, 09 May 2025 - 17:20

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%80%E0%B6%B1+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF
අභිනවයෙන් තේරී පත් වූ 14 වන ලියෝ පාප් වහන්සේ මෙහෙයවන මංගල දිව්‍ය පූජාව අද පැවැත්වීමට නියමිතයි. 
 
ඒ අනුව මෙරට වේලාවෙන් අද රාත්‍රි 11 ට වතිකානයේ සිස්ටීන් දේවස්ථානයේ එම දිව්‍ය පූජාව පැවැත්වෙනු ඇති. 
 
මේ අතර, අභිනව පාප් වහන්සේ ලෙස තේරී පත්වූ 14 වන ලියෝ පාප් වහන්සේ වෙත සුබපැතුම් එක් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
 
එහි දැක්වෙන්නේ, “ඔබ වහන්සේගේ භූමිකාව විශාල වගකීමක් දරන අතර ඒ හරහා ලෝකවාසී ජනතාවට මග පෙන්වීමට ශක්තිය ප්‍රාර්ථනා කරමි” යන්නයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories