ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටී සිදු වූ අනතුරින් පසු පොළොන්නරුව මහ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් කළ සෙබලුන් 6 දෙනා තවදුරටත් එහි ප්‍රතිකාර ලබනවා.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් එරන්ද ගීගනගේ කියා සිටියේ වෛද්‍ය නිර්දේශ මත ඔවුන් එලෙස ප්‍රතිකාර ලබන බවයි.
අනතුරින් මියගිය සෙබලුන් 06 දෙනාගේ මරණ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ දේහ ඥාතීන් වෙත භාරදීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.
ගුවන් හමුදාවේ අංක 07 හෙලිකොප්ටර් බලගණයට අයත් මෙම බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් අද ගුවන්ගත වී තිබුණේ උදෑසන 6 යි 48 ට පමණයි.
ඒ, යුද හමුදාපති ලුතිනල් ජනරාල් ලසන්ත රොද්‍රිගෝගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේදී ආරම්භ වීමට නියමිතව තිබූ විසිර යාමේ උත්සවයට සහභාගි වීම සඳහායි.
එහිදී වසරක මූලික පුහුණුව අවසන් කළ නිලධාරීන් 14 දෙනෙකු ඇතුලු 130 දෙනෙකු විසිර යාමට නියමිතව තිබුණා.
විශේෂ බලකා සෙබලුන් විසිර යාමේ පෙලපාලිය වෙනුවෙන් ගුවනින් පිටියට ගොඩබැසීමට නියමිතව තිබී ඇති අතර ඊට පෙරයි මෙම අනතුර සිදුව තිබුණේ.
පෙරවරු 8.16 ට පමණ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට එලෙස කඩා වැටී තිබුණු අතර අනතුරෙන් පසුව, හෙලිකොප්ටර් යානයේ සිටි පිරිස සොයා මාදුරුඔය ජලාශයේ විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කළා.
පසුව මුදාගත් සෙබලුන් පළමුව අරලගංවිල දිසා රෝහලට ඇතුළත් කළා. අනතුරුවයි ඔවුන් පොළොන්නරුව මහ රෝහළට ඇතුළත් කෙරුණා.
බරපතළ තත්ත්වයෙන් අරලගන්විල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සෙබලුන් 6 දෙනෙකු පොළොන්නරුව රෝහලට මාරු කර යැවීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබුණා.
රෝහල්ගත කළ පිරිසට යුද හමුදා විශේෂ බළකායේ භටයින් 06 දෙනෙකු ඇතුළත් වූ අතර සෙසු පිරිස ගුවන් හමුදා සාමාජිකයින්.
ඒ අතර ගුවන් නියමුවන් දෙදෙනා ද සිටිනවා.
අනතුරව සිදු වූ අවස්ථාවේ ගුවන් නියමුවන් දෙදෙනා ද ඇතුළුව 12 දෙනෙකු එහි ගමන් කර තිබුණා.
ජිවිතක්ෂයට පත් ගුවන් හමුදා සාමාජිකයන් දෙදෙනා වන්නේ ශ්‍රි ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ මුලික කදවුරේ අංක 07 හෙලිකොප්ටර් බලඝණයට අනුයුක්තව රාජකාරි කරනු ලැබු බලපංති සැරයන් සනත් උදයකුමාර හා කෝප්‍රල් මධුරංග මෙත්රුවන්.
බලපංති සැරයන් සනත් උදයකුමාර 2004 වර්ෂයේ දි ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් භූමි වෘත්තීය සදහා එක්වි ඇති අතර වැලිමඩ පදිංචි ඔහු දෙදරු පියෙක්.
ජීවිතක්ෂයට පත් අනෙක් ගුවන් හමුදා සාමාජිකයා වන කෝප්‍රල් මධුරංග මෙත්රුවන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිව සිට තිබෙනවා.
මිය ගොස් ඇති හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් යුද හමුදා විශේෂ බලකායේ සෙබලුන් 4 දෙනාගෙන් තුන්දෙනෙකු අබේපුස්ස, ඇඹිලිපිටිය සහ කුරුණෑගල ප්‍රදේශවල පදිංචිකරුවන්.
මේ අතර, ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් ද වාරියපොළ ඉහළ මිනුවන්ගැටේ ප්‍රදේශයට මාර්තු 21 වැනිදා කඩා වැටුණා.
ඒ අනුව, අද සිදු වූ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා ගුවන් හමුදාපතිවරයා විසින් නව දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් එරන්ද ගීගනගේ කියා සිටියේ.

Follow US

Most Viewed Stories