කඩවත ප්‍රදේශයේ ප්‍රාථමික පාසැලක ඉගෙනුම ලබන කුඩා දරුවෙකු උදෑසන ආහාරය සඳහා ගෙනා මාළු පාන් ගෙඩියක් තුළ තිබී ගංජා පැකට් දෙකක් හමුවූ සිද්ධියක් වාර්තා වනවා.
මෙම දරුවා මාලුපාන් ගෙඩිය ආහාරයට ගනිමින් සිටියදී කුඩා පැකට් 02 ක් හමුවී ඇති අතර, ඒ පිළිබදව පන්තිභාර ගුරුතුමිය දැනුවත් කිරීමෙන් පසුවයි මෙම ජාවාරම පිළිබද අනාවරණය වන්නේ.
ගුරුතුමිය පසුව දරුවාගේ මව දුරතකනයෙන් අමතා ඇති අතර, එම අවස්ථාවේ මව පවසා ඇත්තේ ද පිලුණු වී ඇති බැවින් එම මාලුපාන් ගෙඩිය දරුවාට ලබා නොදෙන ලෙසයි.
බේකරි නිෂ්පාදන අලෙවි කරන ත්‍රිරෝද රථයකින් අදාළ මාළු පාන් ගෙඩිය මිල දී ගත් අතර, එහි රියදුරු පසුව යළි පැමිණ මාලුපාන් ගෙඩිය දරුවාට ලබානොදෙන ලෙස පැවසූ බවද ඇය එහිදී හෙළි කර තිබුණා.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් පාසැලේ විදුහල්පතිවරිය දැනුවත් කර තිබෙනවා. එහිදී අනාවරණ වී ඇත්තේ ජංගම බේකරි නිෂ්පාදන අලෙවි රථයේ රියැදුරු බේකරි නිෂ්පාදන අලෙවිකරන මුවාවෙන් සූක්ෂමව ගංජා ජාවාරමේ ද නිරතවන බවයි.
ඔහු වෙනත් අයෙකුට ලබා දීමට ගෙනා ගංජා සහිත මාළු පාන් ගෙඩිය වැරදීමකින් මෙම මවට අලෙවි කර ඇති බව ද පසුව හෙළි වුණා. ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරිය අද කඩවත පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

Follow US

Most Viewed Stories