ගාලු මුවදොර අරගල භූමියේ සිටි විරෝධතාකරුවන් පිරිසට පහර දී අදට වසර 03ක්

Friday, 09 May 2025 - 22:23

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB+%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AF%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+03%E0%B6%9A%E0%B7%8A
ගාලු මුවදොර අරගල භූමියේ සිටි විරෝධතාකරුවන් පිරිසට පහර දී අදට වසර 03ක් සපිරෙනවා.

මෙම ප්‍රහාරය එල්ල වුණේ 'ගෝඨා ගෝ ගම' හා 'මයිනා ගෝ ගම' නමින් හැඳින්වූ භූමි දෙකටයි.

රටේ පැවැති ආර්ථික සහ දේශපාලනික අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් 2022 වසරේදී ගාලු මුවදොර කේන්ද්‍ර කරගනිමින් විරෝධතාකරුවන් පිරිසක් අරගල භූමියක් ආරම්භ කළා.

එම අරගල භූමියේ සිටි විරෝධතාකරුවන්ට අරලියගහ මන්දිරයේ සිට පැමිණි පිරිසක් 2022 වසරේ මැයි මස 09 වැනිදා පහරදීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා.

අරගලකරුවන් චෝදනා කළේ, සාමකාමීව රැඳී සිටි තමත්ට එම පිරිස ගල් මුගුරු භාවිත කරමින් පහර දුන් බවයි.

එම ප්‍රචණ්ඩත්වයට එරෙහි ප්‍රතිප්‍රචණ්ඩත්වයක් එදිනම රටපුරා ව්‍යාප්ත වූ අතර නිට්ටඹුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පහර දී ඝාතනය කළේ ද එහි ප්‍රතිඵලයක් ලෙසින්.

ප්‍රකෝපකාරී පිරිස් පහර දී මැතිඇමතිවරුන්ගේ නිවාස ඇතුළු දේපළ රැසකට හානි කළ අතර ඇතැම් නිවාස සම්පුර්ණයෙන් ගිනි තබා විනාශ කළා.
නිවාස අහිමි වූ මන්ත්‍රීවරුන්ට පසුව රජය වන්දි මුදල් ලබා දුන් අතර, පීඩාවට පත් සෙසු පාර්ශ්වවලට මෙතෙක් සාධාරණයක් ඉටු වී නැහැ.

ගාලු මුවදොර අරගල භූමියේ සිටි විරෝධතාකරුවන් පිරිසට පහර දී අදට වසර 03ක් පිරීම නිමිත්තෙන් ''අරගලයට පහර දී වසර 03යි මැයෙන්'' අද පස්වරුවේ ගාලු මුවදොරදී සැමරුම් වැඩසටහනක් ද පැවැත්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories