රාජ්‍ය වෙසක් සතිය නුවරඑළිය නගරය කේන්ද්‍ර කරගනිමින් අද 10 සිට ආරම්භ වෙනවා.
ඒ අනුව, එම සතිය එළඹෙන 16 දක්වා ක්‍රියාත්මකයි.
අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසනා පරිදි ශ්‍රී බුද්ධ වර්ෂ 2569 (2025) රාජ්‍ය වෙසක් උත්සවය බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේ දී පැවැත්වෙනවා.
මෙම වර්ෂයේ රාජ්‍ය වෙසක් මහෝත්සවය "හජෙථ මිත්තෙ කල්‍යාණ භජෙථ පුරිසුත්තමේ " (කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු) යන තේමාව යටතේ පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.
Follow US







Most Viewed Stories