කොළඹ තොරණ 23 ක්: රට පුරා දන්සැල් 7,200ක්

Saturday, 10 May 2025 - 9:45

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AB+23+%E0%B6%9A%E0%B7%8A%3A+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+7%2C200%E0%B6%9A%E0%B7%8A
සම්බුදු තෙමගුල සිහි කරමින් ජාතික වෙසක් සතිය අදින් ආරම්භ වුණා.

”‍කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු”‍ යන තේමාව යටතේ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මේ මස 16 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මේ අතර මෙවර වෙසක් පුර පසොළොස්වක පොහොය නිමිත්තෙන් කොළඹ පමණක් තොරණ 23 ක් නිර්මාණය කර තිබෙනවා. පොලිසිය සදහන් කළේ, කොස්ගස් හන්දිය, ඔරුගොඩවත්ත, තොටළග, දෙමටගොඩ, බොරැල්ල, පෑලියගොඩ, කිරිබත්ගොඩ, කොට්ටාව, මහරගම, පිළියන්දල, බෙල්ලන්විල තොරණ නිර්මාණය කර ඇති බවයි.

මීට අමතරව මොරටුව, දෙහිවල, මාලබේ සහ අතුරුගිරිය ඇතුලූ ප්‍රදේශ රැසක ද වෙසක් තොරණ නිර්මාණ කර තිබෙනවා. මේ අතර, කොළඹ බෞද්ධාලෝක මාවත, ලේක් හවුස් මාර්ගය, කොළඹ මහ නගර සභා මාර්ගය සහ හුණුපිටිය ගංගාරාමය ආශ්‍රිතව ද වෙසක් කලාප පැවැත්වෙනවා.

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් හත්දහස් දෙසීයක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories