'Operation Bunyan Ul Marsoos' නමින් ඉන්දියාවට එරෙහිව ප්‍රතිප්‍රහාරයක් ආරම්භ කළ බව පාකිස්ථාන නිලධාරීන් පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම ඉන්දියාවේ සිවිල් ඉලක්ක වළක්වා ගැනීම සඳහා "විශේෂ පියවර" ගෙන ඇති බවත්, "න්‍යෂ්ටික සීමාව උල්ලංඝනය කරනු දැකීමට පාකිස්ථානය අකමැති වනු ඇති" බවත් පකිස්ථාන සැලසුම් අමාත්‍යවරයා පවසනවා.
එමෙන්ම ඉන්දියාවේ සිවිල් ඉලක්ක වළක්වා ගැනීම සඳහා "විශේෂ පියවර" ගෙන ඇති බවත්, "න්‍යෂ්ටික සීමාව උල්ලංඝනය කරනු දැකීමට පාකිස්ථානය අකමැති වනු ඇති" බවත් පකිස්ථාන සැලසුම් අමාත්‍යවරයා පවසනවා.
මේ අතර, ඉන්දු - පාකිස්ථාන ගැටුම් තවදුරටත් උග්‍ර වෙමින් පවතින අතර මේ හේතුවෙන් පාකිස්ථානය මේ වන විට සිය ගුවන් අවකාශය තාවකාලිකව සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා.
ඒ ඉන්දියාව, පාකිස්ථානයේ ගුවන් කදවුරු 03ක් ඉලක්ක කර ගනිමින් අද අලුයම එල්ල කළ ප්‍රහාර කිහිපයක් හේතුවෙන්.
මේ අතර, ඉන්දියාව ද ලබන 15 වැනිදා දක්වා එරට උතුර සහ බටහිර ප්‍රදේශවල ගුවන්තොටුපළ 32 ක් වසා දමා තිබෙනවා.
ඒ පාකිස්ථානයේ යම් ප්‍රහාරයක් එල්ල වේ යැයි අනුමානය කරමින්.
මේ අතර ඊයේ රාත්‍රියේ ද ඉන්දියාවේ ස්ථාන 26ක් ඉලක්ක කර පාකිස්ථානය ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළා.
Follow US







Most Viewed Stories