ඉන්දු - පාකිස්ථාන ගැටුම් තවදුරටත් උග්‍ර වෙමින් පවතින අතර මේ හේතුවෙන් පාකිස්ථානය මේ වන විට සිය ගුවන් අවකාශය තාවකාලිකව සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා.
ඒ ඉන්දියාව, පාකිස්ථානයේ ගුවන් කදවුරු 03ක් ඉලක්ක කර ගනිමින් අද අලුයම එල්ල කළ ප්‍රහාර කිහිපයක් හේතුවෙන්.
මේ අතර, ඉන්දියාව ද ලබන 15 වනදා දක්වා එරට උතුර සහ බටහිර ප්‍රදේශවල ගුවන්තොටුපළ 32 ක් වසා දමා තිබෙනවා.
ඒ පාකිස්ථානයේ යම් ප්‍රහාරයක් එල්ල වේ යැයි අනුමානය කරමින්.
තවද, ඊයේ රාත්‍රියේ ද ඉන්දියාවේ ස්ථාන 26ක් ඉලක්ක කර පාකිස්ථානය ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පාකිස්ථානය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.
කාශ්මීර දේශ සිමාව ආසන්නයේ ඊයේ යළි ගැටුම් හටගෙන තිබූ අතර ඉන්දියාවේ පන්ජාබ් ප්‍රදේශයේ පිපිරීම් කිහිපයක් ඇසුණු බව විදෙස් වාර්තාවල දැක්වුණේ.
එම වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ වසර 30 කට පසු ඉන්දියාව සහ පකිස්ථානය අතර ඊයේ දිනයේ දරුණු ගැටුම් ඇති වූ බවයි.
එමෙන්ම අද අලුයම පකිස්ථානයේ ලාහෝර් ප්‍රදේශයෙන් විශාල පිපිරීම් කිහිපයක් ඇසී තිබුණා.
විදෙස් වාර්තා වල තවදුරටත් දැක්වුණේ කාශ්මීර දේශ සිමාවේ දෙපාර්ශවය අතර පසුගිය බදාදා සිට මේ දක්වා ඇති වූ ගැටුම් වලින් 48 දෙනෙකු පමණ මිය ගිය බවයි.
Follow US







Most Viewed Stories