කිලෝග්‍රෑම් 85 ට අඩු බර පන්තියේ නවසීලන්ත රග්බි කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් පැවැත්වෙන දෙවන හා අවසන් රග්බි තරගය අද පස්වරුවේ කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙනවා.
දීර්ඝ කාලයකට පසු නවසීලන්ත රග්බි කණ්ඩායමක් මෙරටදී තරග වැදුණු පළමු අවස්ථාව ලෙස සටහන් වූ මෙම තරග සංචාරයේ පළමු තරගය පසුගිය 04 වනදා මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
එම තරගය ලකුණු 50 ට 10 ක් ලෙස පහසු ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත්වුණා.
ආබාධ තත්ත්වය සුවවීමෙන් පසු මහනුවර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක තරින්ද රත්වත්තේ යළිත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමගින් එක්ව තිබෙන අතර, ඔහු බොහෝ දුරට අද තරගය ක්‍රීඩා කරනු ඇති.
මේ අතර, අද තරගයේ සියලුම ප්‍රවේශපත්‍ර මේ වනවිට අලෙවි වී අවසන් බවයි වාර්තා වන්නේ.

Follow US

Most Viewed Stories