හමුදා සෙබළුන් 06 දෙනෛකුට මරු කැඳවමින් මාදුරුඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 හෙලිකොප්ටර් යානය ගොඩ ගැනීමේ මෙහෙයුම් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ කියා සිටියේ, ඒ සදහා නාවික හමුදා කිමිදුම් කණ්ඩායම්වල සහය ලබාගෙන ඇති බවයි. මීට අමතරව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහයද ඊට ලබාගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 07 හෙලිකොප්ටර් බලගණයට අයත් බෙල් 212 වර්ගයේ මෙම හෙලිකොප්ටර් යානය හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් ඊයේ උදෑසන ගුවන්ගත වී තිබුණේ මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ විසිර යාමේ උත්සවයක නිදර්ශනාත්මක ඉදිරිපත් කිරීමක් සඳහායි.
ගුවන්ගත වන විට එහි නියමුවන් දෙදෙනා සමග විශේෂ බළකා සෙබළුන් ඇතුළුව හමුදා සාමාජිකයින් දොළොස් දෙනෙකු ගමන් කර තිබුණා.
කෙසේ වෙතත් පෙරවරු 8ට පමණ ඇතිවූ හදිසි තත්ත්වයක් මත හෙළිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී තිබුණා. සිද්ධියෙන් රෝහල් ගත කෙරුණු 06 දෙනෙකු මියගිය අතර, තවත් 06 දෙනෙකු තවදුරටත් පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
යුද හමුදා විශේෂ බලකා සාමාජිකයින් වන සැරයන් තුසිත වර්ණ, කෝප්‍රල් ලක්මාල් පෙරේරා, කෝප්‍රල් ප්‍රසාද් ප්‍රේමරත්න, කෝප්‍රල් විමුක්ති දසනායක සහ හෙලිකොප්ටරයේ ගමන්ගත් ගුවන් අවිකරුවන් දෙදෙනා වන කෝප්‍රල් මධුරංග මෙත්රුවන් සහ සැරයන් සනත් උදය කුමාර මෙලෙස මියගියා.
පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එම්. එම්. යු. අයි. කරුණාරත්න කියා සිටියේ අනතුරින් මියගිය හමුදා සමාජිකයින්ගේ මළසිරුරු ඥාතීන් වෙත භාරදුන් බවයි. කෙසේ වෙතත් මියගිය හමුදා සෙබලුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද උදෑසන සිදු කර තිබෙනවා.
එමෙන්ම, පොළොන්නරුව මහ රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන හමුදා සෙබළුන්ගේ සුවදුක් විමසීම සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රෝද්‍රිගෝ ඇතුළු පිරිසක් ඊයේ රාත්‍රියේ රෝහලට පැමිණි තිබුණා.
එහිදී රෝගීන්ගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා සොයාබැලීමක් ද සිදුකර තිබෙනවා.
මෙම හෙළිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට ගුවන් හමුදාපතිවරයා විසින් 09 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළ අතර එම කමිටුව අනතුර සිදු වූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක්ද ඊයේ පස්වරුවේ සිදු කර තිබුණා.

Follow US

Most Viewed Stories