කොටහේනේ සිසුවියගේ සිදුවීමට චෝදනා එල්ල වූ ටියුෂන් හිමිකරුගෙන් CIDයට පැමිණිල්ලක්

Saturday, 10 May 2025 - 14:57

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B7%96+%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B7%82%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+CID%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
කොටහේන ප්‍රදේශයේදී සිසුවියක සියදිවි නසා ගැනීමට ආසන්නතම හේතුව ලෙස සැළකෙන උපකාරක පන්තියකදී හාස්‍යයට ලක්කළ බව කියන එම උපකාරක පන්තියේ සම්බන්ධීකාරකවරයා වන, ජාතික ජන බලවේගයේ උතුරු කොළඹ සංවිධායක, නාරායනපිල්ලෙයි ශිවානන්දරාජා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. 
 
ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවැරදි පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින්. 
 
එහිදී තමන් වරදක් කර ඇත්නම්, ඊට අදාළ දඬුවම් විඳීමට ද තමන් සූදානම් බව ඔහු ප්‍රකාශ කළා. කොටහේන - ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක් එම මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මහලින් පැන සියදිවි නසාගෙන තිබුණේ පසුගිය 29 වැනිදායි. 
 
බම්බලපිටියේ පිහිටි පාසැලක ගුරුවරයෙකු ඇය අතවරයට ලක් කර තිබූ බවත් අනතුරුව ඇය සහභාගී වූ උපකාරක පන්තියකදී එම ආයතනයේ හිමිකරු ප්‍රසිද්ධියේ ඇය හාස්‍යයට ලක් කිරීම ඇතුළු සිද්ධීන් කිහිපයක් හේතුවෙන් ඇය කණස්සල්ලෙන් සිටි බවත් මවුපියන් පවසනවා. 
 
සිසුවියට යුක්තිය ඉල්ලා පිරිසක් බම්බලපිටියේ පාසැලක් ඉදිරිපිටදී විරෝධතාවක ද නිරත වූ අතර, තවත් පිරිසක් පුත්තලමේදී විරෝධතාවක නිරත වූයේ අදාළ ගුරුවරයා පුත්තලමේ පාසැලකට මාරු කිරීමට විරෝධය දක්වමින්. 
 
සිසුවිය සියදිවි නසා ගැනීමට ආසන්නතම හේතුව ලෙස වාර්තා වන උපකාරක පන්ති පැවැත්වූ ස්ථානයේ හිමිකරුගේ කොටහේනේ පිහිටි නිවසට පොලිස් ආරක්ෂාව ලබා දී තිබෙන අයුරු ද ඊයේ දක්නට ලැබුණා. 
 
කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයේ පිහිටි දැරියගේ නිවසට ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ සහ පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් පැමිණ විමර්ශන ආරම්භ කළේ ද මේ අතරතුරයි. 
 
මේ අතර කොටහේනේ සිසුවියගේ සියදිවි නසා ගැනීමට ආසන්නතම හේතුව ලෙස සැළකෙන උපකාරක පංති පවත්වන ස්ථානයේ සම්බන්ධීකාරක, ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික මෙන්ම උතුරු කොළඹ සංවිධායක, නාරායනපිල්ලෙයි ශිවානන්දරාජා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. 
 
මියගිය සිසුවිය වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් ක්‍රියාකාරිකයින් පෙන්වා දෙන්නේ, සිසුවියට කිසිදු මානසික රෝගයක් නොතිබූ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories