ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයෙන් ධම්මික දසනායක ඉවත්වෙයි

Saturday, 10 May 2025 - 15:11

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%AF%E0%B7%83%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පෞද්ගලික හේතුවක් මත ලබන 15 වනදා සිට ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වන අතර ඊට අදාළ ලිපියද ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කර තිබුණා.

ඒ අනුව, එම සභාව විසින් එම ලිපිය පිළිගෙන ඇති බවයි එහි නියෝජිතයෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදි සදහන් කළේ.

ධම්මික දසනායක පාර්ලිමේන්තු මහලේකම් ධුරයෙන් 2023 වසරේ මැයි 25 වනදා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම වසරේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ලෙස පත්කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories