එමිරේට්ස් ගුවන් සේවා සමූහයට ඩොලර් බිලියන 6.2 ක වාර්තාගත ලාභයක්

Saturday, 10 May 2025 - 15:38

%E0%B6%91%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+6.2+%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මැදපෙරදිග විශාලතම ගුවන් සේවය වන ඩුබායි හි එමිරේට්ස් සමූහය ඩොලර් බිලියන 6.2 ක දළ වාර්ෂික ලාභයක් ලබා ඇතැයි නිවේදනය කරනවා.
 
ලාභය, ආදායම සහ මුදල් වත්කම් සම්බන්ධයෙන් නව වාර්තාවක් පිහිටුවමින් එමිරේට්ස් සමූහය මෙම සීමාව ඉහළ නංවා තිබෙන බවයි එම සමාගමේ සභාපති ෂෙයික් අහමඩ් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ. 
 
ඒ අනූව එම සමූහය සිය වර්ධන සැලසුම් සඳහා නව ගුවන් යානා, යටිතල පහසුකම් සහ තාක්ෂණය සඳහා ඩොලර් බිලියන 3.8 ක් ආයෝජනය කළ බවද පවසනවා. 
 
මේ අතර එම සමාගම් සමූහයේ ශ්‍රම බලකාය පෙර නොවූ විරූ ලෙස සේවකයින් 121,223 ක් දක්වා 9% කින් වර්ධනය කර තිබෙනවා. 
 
එමිරේට්ස් ගුවන් සේවා සමූහය මේ අයුරින් එහි හිමිකාර ඩුබායි පිහිටි සමාගමට ඩොලර් බිලියන 1.6 ක ලාභාංශයක් වාර්තාකර තිබෙන බවද සඳහන්.
 
එමිරේට්ස් සමූහයේ අනෙකුත් ව්‍යාපාර හැරුණු විට එමිරේට්ස් ගුවන් සේවය පමණක් වාර්තාගත ඩොලර් බිලියන 5.8 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කළ බවද පෙන්වා දෙනවා. 
 
එය පෙර වසරට වඩා 20% ක වර්ධනයක් බවයි සඳහන් වන්නේ. 
 
ඒ අනූව එහි ආදායම 6% කින් වර්ධනය වී ඩොලර් බිලියන 34.9 ක් වී තිබෙනවා. 
 
එමිරේට්ස් හි භූමි සේවා අංශය වන ඩ්නාටා ද පසුගිය වසරට වඩා 2% කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 430 ක වාර්තාගත ලාභයක් වාර්තා කළ බව සඳහන්. 
 
එමිරේට්ස් සමූහය ලොව විශාලතම දිගු දුර ගුවන් සේවය ක්‍රියාත්මක කරමින් සිය නාමය පතුරවා තිබෙනවා. 
 
ඉකුත් මාර්තු මාසය වන විට, එහි A350 ගුවන් යානා 61 ක් සහ බෝයිං 777x 205 ක් ඇතුළුව ගුවන් යානා 314 ක් බෙදා හැරීමට සතු බව එම ප්‍රකාශයේ සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories