විල්පත්තුව අභයභූමිය හරහා වන මාර්ගය විවෘත කරන්නැයි මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයා සමග මන්නාරම ජනතාව මෙන්ම පුත්තලම ජනතාවගෙන් ඉල්ලීම් රැසක් ලැබී තිබෙන බව පරිසර නියෝජ්‍ය ඇමති ඇන්ටන් ජයකොඩි පවසනවා.
මේ මාර්ගය කාලයක් තිස්සේ පැවති බවත් ගංවතුර සහ විවිධ පාරිසරික තත්ත්ව මත වසර කිහිපයක සිටම භාවිතයෙන් තොරව තිබෙන බවයි ඔහු පවසන්නේ.
එබැවින් විල්පත්තුව අභයභූමිය හරහා වන මාර්ගය කිසිසේත්ම අලුතින් හදන එකක් නොවන බව නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවා.
මේ අනූව ජනතාවගේ ඉල්ලීම සලකා බලා පාරිසරික තත්ත්ව විමසා අවශ්‍යතාව මත ඉදිරි කටයුතු කිරීමට පියවර ගන්නා බවයි පරිසර නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේ.
විල්පත්තු අභයභූමි කලාපය හරහා මීට පෙර යෝජනා කර තිබූ පරිදි අධිවේගී මාර්ගයක් ඉදි නොකිරීමට බලධාරීන් තීරණය කර ඇතැයි නීතිපතිවරයා ඉකුත් (07) වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
කෙසේ වෙතත් මේ වන විට විල්පත්තු අභයභූමිය හරහා වැටී තිබෙන මාර්ගය වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධානයන්ට යටත්ව පවත්වාගෙන යා හැකි බවත් අධිකරණය හමුවේ සඳහන් වුණා.
එවැනි පසුබිමක් මතයි පරිසර නියෝජ්‍ය ඇමතිවරයා හිරු නිව්ස් සමග සංවාදයක්ට එක්වෙමින් මේ බව කියා සිටියේ.
Follow US







Most Viewed Stories