පාකිස්ථාන ගුවන් සීමාව සියලු ගුවන් ගමන් සඳහා විවෘත කෙරේ

Saturday, 10 May 2025 - 18:50

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
පාකිස්ථාන ගුවන්තොටුපළ අධිකාරිය පවසන්නේ සියලුම ගුවන් ගමන් සඳහා රටේ ගුවන් සීමාව සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බවයි.

ඒ, පාකිස්ථානය සහ ඉන්දියාව වහාම ක්‍රියාත්මකවන පරිදි සටන් විරාමයකට එකඟත්වය පළකිරීම හේතුවෙන්.

අද (10) උදෑසන පාකිස්ථානයේ ගුවන් කඳවුරු තුනකට ඉන්දියාව එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් පාකිස්ථානය විසින් බුන්යාන්-උම්-මර්සූස් මෙහෙයුම දියත් කිරීමෙන් පැය කිහිපයකට පසුව මෙම සටන් විරාමයට දෙරට විසින්ම එකඟත්වය පළකරනු ලැබුවා.

එමෙන්ම, ඉන්දියාව සහ පාකිස්ථානය කඩිනම් සටන් විරාමයකට එකඟවී ඇති බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ද 'X' ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරනු ලැබුවා.

තවද, අද (10) සවස 5 සිට බලපැවැත්වෙන පරිදි ඉන්දියාව සහ පකිස්ථානය "ගොඩබිම, ගුවන සහ මුහුදේ සියලුම වෙඩි තැබීම් සහ හමුදා ක්‍රියාමාර්ග නවත්වන" බව ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි සඳහන් කළ අතර, පාකිස්ථාන නියෝජ්‍ය අගමැති ඉෂාක් ඩාර් 'X' ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරනු ලැබුවේ පාකිස්ථානය සහ ඉන්දියාව වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයකට එකඟ වූ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories