කොටහේනේ 16 හැවිරිදි දැරියක සියදිවි නසා ගත් සිද්ධිය ගැන විමර්ශන කටයුතු සිදු කරන පොලිස් කණ්ඩායම හා දරුවාගේ දෙමාපියන් අතර, සාකච්ඡාවක් අද (10) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
එහිදී අග්‍රාමාත්‍යවරිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතීව, නිවැරදිව, ඉතා කඩිනමින් විමර්ශන කටයුතු සිදුකිරීමට පොලිස් විමර්ශන කණ්ඩායමට උපදෙස් ලබා දී තිබෙනවා.
ළමා හිංසන සිද්ධි සම්බන්ධයෙන් මැදිහත් විය යුතු රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණය ඉතාම දුර්වල මට්ටමක පවතින බවත්, එහිදී හිංසනයට ලක් වූ දරුවා පිළිබඳව යහපත් අයුරින් ප්‍රතිචාර දැක්වීමක් සිදු නොකරන බවත් මෙහිදී අවධානයට ලක් වුණා.
එම යාන්ත්‍රණය නිරීක්ෂණය කර එය විධිමත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අස්විනි ප්‍රනාන්දුගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රීපුද්ගල කමිටුවක් අග්‍රාමාත්‍යවරිය විසින් පත්කර තිබෙනවා.
මේ අතර, මෙම සිද්ධියට අදාලව චෝදනා එල්ල වූ උපකාරක පන්තියේ හිමිකරු වන, ජාතික ජන බලවේගයේ උතුරු කොළඹ සංවිධායක, නාරායනපිල්ලෙයි ශිවානන්දරාජා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවැරදි පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින්.
මේ අතර මියගිය සිසුවිය වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් ක්‍රියාකාරිකයින් පෙන්වා දෙන්නේ, සිසුවියට කිසිදු මානසික රෝගයක් නොතිබූ බවයි.
මේ අතර රටක හෙට දරුවන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව වෙනුවෙන් කාන්තා ක්‍රියාකාරිනියන්ගේ එකමුතුව අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කොටහේනේ සිසුවියගේ සියදිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාන්තා සංවිධානය මෙම සිසුවියගේ සියදිවි නසාගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් භාර දුන්නා.

Follow US

Most Viewed Stories