ඉන්දු - පාකිස්ථාන සටන් විරාමයෙන් පැය කිහිපයකට පසු කාශ්මීරයේ පිපිරීම් ඇසුණු බව කාශ්මීර මහ ඇමති කියයි

Saturday, 10 May 2025 - 22:19

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%87%E0%B7%83%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E0%B6%B8%E0%B7%93%E0%B6%BB+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සටන් විරාම ගිවිසුමට එකඟ වී පැය කිහිපයකට පසුවද කාශ්මීරයේ පිපිරීම් කිහිපයක් සිදුව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. 
 
මෙහිදී ඉන්දියාවේ, ශ්‍රීනගර් ප්‍රාන්තයේ, උදම්පූර් ප්‍රදේශයේ පිපිරීම් හඬක් ඇසුණු බව ඉන්දීය ජම්මු - කාශ්මීර මහ ඇමති ඕමාර් අබ්දුල්ලා ද 'X' හි සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා. 
 
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, "සටන් විරාමයට දැන් මොකද වුණේ? ශ්‍රීනගර් පුරා පිපිරීම් ඇසුණා," යනුවෙන්. 
 
මීට පැය කිහිපයකට පෙර ඉන්දියාව සහ පාකිස්ථානය කඩිනම් සටන් විරාමයකට එකඟවී ඇති බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ද X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් සඳහන් කරනු ලැබුවා. 
 
එමෙන්ම, අද (10) සවස 5 සිට බලපැවැත්වෙන පරිදි ඉන්දියාව සහ පකිස්ථානය "ගොඩබිම, ගුවන සහ මුහුදේ සියලුම වෙඩි තැබීම් සහ හමුදා ක්‍රියාමාර්ග නවත්වන" බව ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි සඳහන් කළ අතර, පාකිස්ථාන නියෝජ්‍ය අගමැති ඉෂාක් ඩාර් 'X' ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරනු ලැබුවේ පාකිස්ථානය සහ ඉන්දියාව වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයකට එකඟ වූ බවයි.

මහ ඇමතිවරයා විසින් තැබූ 'එක්ස්' පණිවුඩය පහතින්,



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories