General13 May 2026

ඩොලර් මිලියන 2.5 වංචාව ගැන මහ බැංකු අධිපති කතා කරයි

ණය මුදලක් පියවීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරය මගින් ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2. 5 ක මුදලක් හැකර් පාර්ශවයක් අතට පත්වීම වැනි සිදුවීම් නැවත සිදුවීම වළක්වා ගැනීමට කටයුතු කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ සඳහා මුදල් අමාත්‍යාංශය සමග සමීපව කටයුතු කරන බවද මහ බැංකු අධිපතිවරයා පැවසුවා.

මහ බැංකු මූලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes