General09 June 2026

එල් නිනෝ තත්ත්වයකට මුහුණ දීම ගැන සාකච්ඡාවක්

ඉදිරියේදී එල් නිනෝ තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණ දීම සඳහා අවශ්‍ය වන පියවර සාකච්ඡා කර ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතා කමිටුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්ව තිබෙනවා.

ඒ, කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත සහ වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී කෘෂිකර්ම ක්ෂේත්‍රයට ඇති විය හැකි බලපෑම් සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබෙනවා.

එමෙන්ම, දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුදමය තත්ත්වයට මුහුණ දුන් ආකාරයට බාහිර අභියෝගයක් වන මෙම ගෝලීය තත්ත්වය කළමනාකරණය කරගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes