General09 June 2026

හොරණ බැංකු කොල්ලයේ සැකකාර සහකාර කළමනාකාරවරයා යළිත් රිමාන්ඩ්

හොරණ බැංකු කොල්ලයේ සැකකාර සහකාර කළමනාකාරවරයා ජූනි 23 දා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගම මහත්මිය විසින්  අද (09) දා නියෝග කළා.

එදිනට සැකකරු සම්බන්ධයෙන් සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මෙම සැකකරුට ලබා දී තිබූ රැඳවුම් නියෝගය ඉවත් කරන ලෙසත් බැංකුවේ තිබී සොයාගත් මුදල්, ස්වයංක්‍රීය බැංකු යන්ත්‍රයට නිකුත් කිරීමට පෙර අංක සටහන් කර ගන්නේ නම් එම අංක සමග වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් වැඩිදුරටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

එමෙන්ම සැකකරුට දණ්ඩ නීති සංග්‍රහයේ 54 වගන්තිය යටතේ නගා තිබූ මත්ද්‍රව්‍ය චෝදනාව ඉවත් කරන ලෙසත් මහේත්‍රාත්වරිය තවදුරටත් නියෝග කළා.

පොලිසිය මුල් අවස්ථාවේ දී පොදු දේපළ පණත යටතේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරියේදී නඩු පවරන්නේ කුමන පනත යටතේද යන්න පිළිබඳව අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙසද නියෝග කළා.

තුෂාර ගුණරත්න රංජන් හපතන්ත්‍රී යන නීතිඥවරුන් සැකකරු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ අතර අදාළ මුල්‍ය ආයතනය වෙනුවෙන් නීතිඥ හේමන්ත වික්‍රමාරච්චි මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

බස්නාහිර පළාත් උතුර බුද්ධි අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Related recommendation
Hiru TV News | Programmes