හොරණ බැංකු කොල්ලයේ සැකකාර සහකාර කළමනාකාරවරයා ජූනි 23 දා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගම මහත්මිය විසින් අද (09) දා නියෝග කළා.
එදිනට සැකකරු සම්බන්ධයෙන් සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මෙම සැකකරුට ලබා දී තිබූ රැඳවුම් නියෝගය ඉවත් කරන ලෙසත් බැංකුවේ තිබී සොයාගත් මුදල්, ස්වයංක්‍රීය බැංකු යන්ත්‍රයට නිකුත් කිරීමට පෙර අංක සටහන් කර ගන්නේ නම් එම අංක සමග වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් වැඩිදුරටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
එමෙන්ම සැකකරුට දණ්ඩ නීති සංග්‍රහයේ 54 වගන්තිය යටතේ නගා තිබූ මත්ද්‍රව්‍ය චෝදනාව ඉවත් කරන ලෙසත් මහේත්‍රාත්වරිය තවදුරටත් නියෝග කළා.
පොලිසිය මුල් අවස්ථාවේ දී පොදු දේපළ පණත යටතේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරියේදී නඩු පවරන්නේ කුමන පනත යටතේද යන්න පිළිබඳව අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙසද නියෝග කළා.
තුෂාර ගුණරත්න රංජන් හපතන්ත්රී යන නීතිඥවරුන් සැකකරු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ අතර අදාළ මුල්‍ය ආයතනය වෙනුවෙන් නීතිඥ හේමන්ත වික්‍රමාරච්චි මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
බස්නාහිර පළාත් උතුර බුද්ධි අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Latest News
සංවිධානාත්මක අපරාධ කල්ලියක 10ක් අත්අඩංගුවට
Local
09 June 2026
ලෝඩ්ස් සහ ලාහෝර් පිටිවලට ICCයෙන් 'අසතුටුදායක' සහතිකයක්: ලෝඩ්ස් වෙනුවෙන් MCCය සමාව අයදියි
Local
09 June 2026
ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයට පැය 14ක ජල කප්පාදුවක්
Local
09 June 2026
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල පහත දමයි
Local
09 June 2026
ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක ජල කප්පාදුවක්
Local
09 June 2026
තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම පරදා ඉන්දීය 'ඒ' කණ්ඩායමට ලකුණු 8ක තියුණු ජයක්
Local
09 June 2026
මහජන හදිසි අවස්ථා තත්ත්වය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව, වැඩි ඡන්ද 128 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
Local
09 June 2026
සලේගේ බිරිඳ සහ පුත්‍රයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දකිති
Local
09 June 2026
ආසියානු සයිබර් අපරාධකරුවන්ගේ නවතම කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පෙරට - බ්ලූම්බර්ග් අනාවරණය කරයි
Local
09 June 2026
සුරේෂ් සලේගේ බිරිඳ දකිද්දී ගෝඨාභයගේ කාලේ මතක් වුණා: මුජිබර් රහුමාන්ගෙන් ෆේස්බුක් සටහනක්
Local
09 June 2026