එජාපයෙන් සහ ජවිපෙන් අරගල.

Tuesday, 01 January 2013 - 7:32

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD.

වැඩකරන ජනතාවගේ අයිතීන් දිනා ගැනීම සඳහා සටන් කරන වසර ලෙස 2013 වසර නම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමය පවසනවා. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී, දොස්තර ජයලත් ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මේ සඳහා සියලූ වෘත්තීය සමිතිවලට ආරාධනා කළ බවයි.  

[MP3]s50559_1[/MP3]

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ද වැඩකරන ජනතාවගේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් නව සටන් පෙරමුණක් සැකසීමට සූදානම් වනවා. ඊට අදාළව අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් අද දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන බවයි එම මධ්‍යස්ථානයේ සභාපති කේ.ඞී. ලාල්කාන්ත ප්‍රකාශ කළේ.

 
[MP3]s50559_2MP3]