අන්තර් ජාතික දින රේඛාවට ආසන්නයෙන්ම වූ නවසීලන්තයේ ඕක්ලන්ඞ් සිට ඕස්ට්‍රේලියාවේ සිඞ්නි වරාය හරහා යුරෝපය තෙක්ම එළඹුණු 2013 නව වසර පිළි ගැනීමේ උත්සව දැන් අවසන් වී තිබෙනවා. ඕක්ලන්ඞ් නුවර අඩි 1078ක් උසැති අහස් කුළුණේ මැදියම් රැය සටහන් කළේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ පස්වරු 5ටයි. ඉන් පැය දෙකකට පසු ඕස්ට්‍රේලියාවේ සුප්‍රකට සිඞ්නි වරාය සහ ඔපෙරා රගහල කේන්ද්‍ර කොටගෙන පැවැති නව වසර පිළි ගැනීමේ උත්සවයට 15 ලක්ෂයක් පමණ ජනයා රැස්වූයේ එහි පැවැත්වෙන ගිනිකෙළි සංදර්ශනය නැරඹීමටයි.
හොංකොං වරායේ ගිනි කෙළි නැරඹීමට ලක්ෂයක් පමණ එක්රැස් වූ අතර උතුරු සහ දකුණු කොරියානු අගනුවර දෙකෙහිම නව වසර පිළිගැනීමේ උත්සවය පැවැත්වුණා. චීනයේ බීජිං සහ ෂැංහයි නගර ද ඒ වෙනුවෙන් අලංකාර ගිනිකෙළි සංදර්ශන සංවිධාන කර තිබුණා. හමුදා පාලනය යටතේ නව වසර සැමරුම් සිදුනොවූ මියන්මාරය මෙවර ප්‍රථමවරට රෝම දින දර්ශනයේ නව වසර සැමරුම් උත්සවවලින් පිළිගත්තා. කෙසේ නමුත් 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව අමානාත්ගේ මරණය හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර මෙවර නව වසරේ සැමරුම් උත්සව අවලංගු කර තිබුණා. වෙනිසියුලාව එම උත්සව අවලංගු කළේ ජනාධිපති චාර්වේස් රෝගාතුරව කියුබාවේ ප්‍රතිකාර ලබන නිසයි.
Follow US







Most Viewed Stories