කොංගෝවේ ගරිල්ලන්ට ජගත් සංවිධානයෙන් තහංචි.

Tuesday, 01 January 2013 - 10:17

%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%9D%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%82%E0%B6%A0%E0%B7%92.



කොංගෝ ජනරජයේ එම් - 23 නම් වූ ගරිල්ලා ව්‍යාපාරයේ නායකයන්ට එරෙහිව තහංචි පැනවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (31) තීරණය කළා. මෙම ගරිල්ලා කණ්ඩායම රුවන්ඩා දේශසීමාවේ පිහිටි ගෝමා නගරය පසුගිය දා අත්පත් කර ගනු ලැබුවා. ඒ, කොංගෝ රජයේ හමුදා සහ ජගත් සංවිධාන හමුදා වලට එරෙහි මෙහෙයුමක් දියත් කරමින්. එහෙත් ජාත්‍යන්තර බලපෑම් හමුවේ ඔවුන් ගෝමා නගරයෙන් ඉවත් වුණා. කොංගෝවේ එම් - 23 ගරිල්ලා කණ්ඩායම 1990 දශකයේ රුවන්ඩාවේ සමූල ඝාතනවලට සම්බන්ධ හූටූ ගරිල්ලන්ට එරෙහි කණ්ඩායමක්. ඒ නිසා ඔවුන්ට රුවන්ඩා රජයේ සහාය ලැබෙන බව සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories