දිල්ලි නුවර බස් රථයකදී වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ ඳුෂණයකට ලක්වී මිය යාමේ හේතුවෙන් ඉන්දියාව පුරා නව වසර සැමරුම් බොහෝ දුරට අඩු වී තිබූ බව විදෙස් වාර්තා සඳහන් කළා. නවදිල්ලි නුවර මෙන්ම පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්තවල අලූත් අවුරුද්දේ නිළ සැමරුම් උත්සව අත්හිටවා ඇති බව සඳහන්. කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි ප්‍රකාශ කළේ තමා ද නව සැමරුම් උත්සවවලින් ඉවත්ව සිටින බවයි. මේ අතර, වෛද්‍ය ශිෂ්‍යාවගේ ඝාතනයට විරෝධය පළ කරමින් ඉන්දියාව පුරා විරෝධතා ව්‍යාපාර තවදුරටත් පැවැත්වෙනවා. බොලිවුඞ් නළු නිළියන් ද මේ හේතුව නිසාම 2013 නව වසරේ සැමරුම් උත්සවවලින් ඉවත්ව සිටි බව සඳහන්.
Follow US







Most Viewed Stories