මහමඟ දමා ගිය දැරියන් 03 දෙනෙකු බණ්ඩාරගම පොලීසියේ.

Tuesday, 01 January 2013 - 12:54

%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+03+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A.

2013 වසරේ ජනවාරි 01 වන දා උදාවද්දී බණ්ඩාරගම පොලීසියට කුඩා දැරියන් තුන් දෙනෙකුට රැකවරණයක් ලබාදෙන්නට සිදුවුණා. ඒ, ඊයේ (31) රාත්‍රියේ මෙම දැරියන් තිදෙනා නගරයේ අතරමංවීම හේතුවෙන්. වැඩිදුර පරීක්ෂණවලදී හෙළි වුණේ හද කම්පා කරන පුවතක්. පවුල් ආරවුලක් හේතුවෙන් මෙම දැරියන්ගේ මව ත්‍රිරෝද රථයක දරු තුන්දෙනා නංවා නගරයට පිටත් කර යවා තිබුණේ දැරියන් බණ්ඩාරගම බස් නැවතුම්පොළ අසළ දමා එන ලෙස ත්‍රිරෝද රථ හිමිකරුට පවසමින්. වයස අවුරුදු 10, 8, 4 යන වයස්වල පසුවන මෙම දැරියන් නගරයේ විරිඳු ගායනා කරමින් සිටින පවුලකට හමුවී පොලීසිය භාරයට පත් කරනු ලැබුවා. මේ වන විට දැරියන්ගේ පියා පොලීසියට පැමිණ ඇති බව බණ්ඩාරගම පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. දැරියන් ආරක්ෂිතව බණ්ඩාරගම පොලීසිය වෙත රැගෙන ගිය විරිඳු පවුලේ මව හිරු ප්‍රවෘත්ති අංශයට සිද්ධිය විස්තර කළේ මෙලෙසයි.

 
[MP3]s50585_1[/MP3]

 

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනී නීතිඥ අනෝමා දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ දෙමාපියන්ට දරුවන් සුරක්ෂිත කළ නොහැකි නම් ඒ පිළිබදව තම අධිකාරිය දැනුවත් කළ යුතු බවයි.  

 
[MP3]s50585_2[/MP3]



මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More