දෝෂාභියෝගය ගැන යළි සලකා බලන්නැයි ජගත් සංවිධානය කියයි.

Tuesday, 01 January 2013 - 12:59

%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය පිළිබද යළි සලකා බලන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ලක් රජයෙන් ඉල්ලා සිටිනවා. එම සංවිධානයේ ස්වාධීන විනිසුරුවරුන්ගේ සහ නීතිඥවරුන්ගේ විශේෂ ප්‍රකාශිකා ගේ‍්‍රබ්‍රියල් ක්නවුල් විසින් ඊයේ මේ බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් ප්‍රවෘත්ති සේවාවල සඳහන්. දෝෂාභියෝගය සම්බන්ධයෙන් වන ක්‍රියාවලිය පිළිබදව අවධානයෙන් සිටින බව ද ඇය ප්‍රකාශ කර තිබෙනවා. එම නිසා එය යළි සලකා බලන ලෙස ඔවුන් ඉල්ලා සිටින බවයි අදාළ වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දෝෂාභියෝග තේරීම් කාරක සභා වාර්තාව දේශපාලනීයකරණය වී ඇති බව ද ජගත් සංවිධාන නියෝජිතවරිය ප්‍රකාශ කර ඇතැයි සඳහන්.

 

විනිසුරුවන්ගේ නිදහසට අනාගතයේ දී ඇති විය හැකි දේශපාලන බලපෑම් වළක්වාලීම සඳහා, ජාත්‍යන්තර මානව හිම්කම් නීතියට අනුකූලව ශ්‍රී ලංකාව ව්‍යවස්ථාව සකසන ලෙස ජගත් සංවිධාන විශේෂඥවරිය මෙරට මහජන නියෝජිතයන්ගෙන් ද ඉල්ලීමක් කරනවා.

 

කෙසේ වෙතත්, දෝෂාභියෝගය පිළිබද විමර්ශනයට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා හිරු ප්‍රවෘත්ති අංශයට මීට පෙර ප්‍රකාශ කළේ අදාළ විමර්ශන කටයුතු පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව සිදුවන බවයි.

 

[MP3]s50588_1[/MP3]

 

මේ අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද දෝෂාභියෝග වාර්තාව ස්වාධීන කමිටුවකින් යළි විමර්ශනය කරන බව පසුගිය දා කොළඹ පැවැති උත්සවයකදී සඳහන් කළා.

 

[MP3]s50588_2[/MP3]