සිය රටේ ලේ වැගිරීම් නතර කිරීමට ඉවහල් වන සාකච්ඡා සඳහා තමන් සූදානම් බව සිරියානු රජය දැන් ප්රකාශ කරනවා. එහෙත් ජනාධිපති බෂාර් අල් අසාද් බාහිර බලපෑම්වලට හෝ නියෝගවලට යටත් නොවන බවයි සිරියානු අග්රාමාත්ය වයෙල් අල් හලාකි ප්රකාශ කළේ. ලෝක බලවතුන්ට පිළිගත හැකි සාම සැලැස්මක් තමන් සතුව පවතින බව සිරියාවේ ජගත් සංවිධාන විශේෂ නියෝජිත ලක්ධාර් බ්රාහිමී ඊයේ ප්රකාශ කර තිබෙනවා. වසර දෙකකට ආසන්න කාලයක් පවතින අර්බුදය අවසන් කරලීම සඳහා සිරියානු රජය නව සාම සැලැස්ම දැනටමත් පිළිගෙන ඇතැයි සඳහන්. කෙසේ නමුත් සිරියාවේ ප්රචණ්ඩ ගැටුම් තවමත් අවසන් වී නැහැ. සිරියානු අර්බුදයේ දී මේ වන විට පුද්ගලයන් 45,000ක් පමණ ජිවිතක්ෂයට පත්වී ඇති අතර ඉන් මරණ සියයට 90ක්ම වාර්තා වන්නේ ගත වූ 2012 වසරේදියි.
Follow US







Most Viewed Stories