මුහුදු යාත්‍රාවකින් මලක්කා සමුද්‍ර සන්ධිය අසලට පැමිණ එතැන් සිට මීටර් 500ක් පමණ පිහිනා මලයාසියාවට ඇතුළු වූ මියන්මාර සංක්‍රමණිකයන් පිරිසක් එරට පොලීසිය විසින් රඳවාගෙන සිටිනවා. මීටර් 30ක් දිග මෙම යාත්‍රාවෙන් පුද්ගලයන් 500කට වැඩි පිරිසක් පැමිණ ඇති අතර, මලයාසියානු පොලීසියට හමුවී ඇත්තේ ඉන් හාරසිය අසූ දෙදෙනෙකු පමණයි. තවත් පිරිසක් මලක්කා සමුද්‍රසන්ධිය අසළ ලංකාවි නම් දිවයිනේ සැඟවී සිටින බවයි වාර්තා වී ඇත්තේ. එක් අයෙකු ගොඩබිම වෙත පිහිනීමේ දී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස මලයාසියාවට පැමිණ ඇත්තේ මියන්මාරයේ සුළු ජන කොටසක් වන රොහින්ග්‍යා ගෝත්‍රිකයන්. මියන්මාරයේ රඛීනේ ගෝත්‍රිකයන් සමග ගැටුම් පැවතීම හේතුවෙන් ඔවුන් මලයාසියාවේ රැකවරණය පතන බව සඳහන්.
Follow US







Most Viewed Stories