දෙමළ සන්ධානය සමගිය සොයයි.

Tuesday, 01 January 2013 - 18:35

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

නව වසරේදී දෙමළ ජනතාවගේ අයිතීන් දිනාගැනීම සඳහා දෙමල දේශපාලන පක්ෂ එක්ව ක්‍රියා කළයුතු බව දෙමළ ජාතික සන්ධානය පෙන්වා දෙනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ තුළින් දෙමල ජනතාවට ඇති ගැටළු රැසකට විසඳුම් සොයාගත හැකි බව තමන් විශ්වාස කරන බවයි.

[MP3]s50610[/MP3]
 
කෙසේ වෙතත් දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනෙකු මේ දිනවල මැලේසියාවේ සංචාරයක නිරතවනවා. ඒ එහි පැවැත්වෙන ලෝක දෙමළ සමුළුවට සහභාගිවීම සඳහායි. දෙමළ සන්ධානය මෙම සමුළුවේදි යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තාවනවා. ලෝක දෙමළ සමුළුව පළමුවරට රැස්වුණේ 2011 වසරේ ඉන්දියාවේ - නවදිල්ලිදියේදියි.