පොලීසියට අද සිට අමතර දීමනාවක්.

Tuesday, 01 January 2013 - 18:36

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

පොලිස් නිලධාරීන් හට අද සිට රුපියල් 4500 ක අවමයක සිට දීමනාවක් ලබාදීමට පියවර ගෙන ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ගමන්, ඇඳුම්, දුෂ්කර පිරිසිදු සහ දීර්ඝ සේවා යන දීමනා යටතේ මෙම වැඩිකිරීම සිදුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. මීට අමතරව පොලිස් ස්ථානාධිපතිවරුන්ටද ඔවුන් සේවය කරන ස්ථානයේ ශ්‍රේණිය අනුව රුපියල් 2500 සිට 6000 දක්වා උපරිමයකට යටත්ව විශේෂ පොලිස් ස්ථානාධිපති දීමනාවක්ද ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

 
[MP3]s50611[/MP3]