නීති ප්‍රවේශ විභාග අර්බුදයට ඇමති හකීම්ගෙන් සාධාරණයක්.

Wednesday, 02 January 2013 - 7:19

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%9A%E0%B7%81+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සම්බන්ධයෙන් තමාට එල්ල වී ඇති චෝදනා සඳහා ලබන 08 වැනිදා පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් සිදුකරන බව අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා. පෙර වසරවලට සාපේක්ෂව මෙවර නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ දී අක්‍රමිකතා සිදුව ඇති බවට පසුගිය දා අමාත්‍යවරයාට විවිධ චෝදනා එල්ල කළා. මෙලෙස චෝදනා කළ පිරිස අතර බොදු බල සංවිධානය ද සිටිනවා. මේ අතර, ශ්‍රී ලංකා නීතිඥ සංගමය මීට පෙර ප්‍රකාශ කළේ නීති ප්‍රවේශ විභාගයේ සහ එහි ප්‍රතිඵලවල අක්‍රමිකතාවයක් සිදුව ඇති බවට පැමිණිලි ලැබුණහොත් ඒ පිළිබඳව අදාළ පියවර ගන්නා බවයි. කෙසේ වෙතත් මෙවැනි චෝදනා එල්ල වන අතරතුරයි කොළඹ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් විෂය භාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ. නිදහස් සටනේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ නායකයෙකු වන ආචාර්ය ටී.බී. ජයා මහතාගේ 123 වැනි ගුණානුස්මරණය උත්සවය ඊයේ (01) පැවැත්වුණා. ඊට එක්වූ අමාත්‍ය රවුෆ් හකීම් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසයි.  

 
[MP3]s50629[/MP3]



ඊයේ වාර්තාවූ කොරෝනා ආසාදිතයන් 61 අතරින් 31ක් විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයන්
Friday, 29 May 2020 - 6:52

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් 61 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය... Read More

බෙලරුස් හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 277 දෙනෙකු දිවයිනට රැගෙන එයි
Friday, 29 May 2020 - 6:12

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා පැනවුණු සීමාවන් හේතුවෙන්... Read More

දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වර්ෂාපතනයක්
Friday, 29 May 2020 - 6:07

නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More