2013 නව වසර සැමරීම සඳහා අයිවරිකෝස්ට් හි පැවැති ගිනිකෙළි සංදර්ශනයක් නැරඹීමට පැමිණි පුද්ගලයින් 60 දෙනෙකු පමණ තෙරපීම හේතුවෙන් මිය ගොස් තිබෙනවා. මිය ගිය පුද්ගලයින් අතර බහුතරයක් කාන්තාවන් සහ ළමයින් වන බවයි විදෙස් වාර්තා සදහන් කළේ. එරට ප්‍රධාන වාණිජ නගරය වන පැලිටීයූ හි මෙම ගිනිකෙළි සංදර්ශනය පවත්වා ඇති අතර, එය එරට පැවැති නව වසර සැමරීම සදහා වන දැවැන්තම උත්සවය ලෙසයි සැලකෙන්නේ. කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් පසු දින 3ක ශෝක කාලයක් එරට තුළ ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Follow US







Most Viewed Stories