නායකත්ව පුහුණුවේදී දඬුවම් ලබා සිසුවියක් රෝගාතුර වීම අසත්‍යයක්ලූ.

Wednesday, 02 January 2013 - 12:55

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%8F%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B7%96.

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සහ ජාතික තාක්ෂණ ආයතනය අද සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන සඳහන් කළේ ඊයේ මෙම පීඨ දෙකේ සිසුන් දෙදෙනෙකු අතර ගැටුමක් ඇති වූ බවයි. එය තවදුරටත් වර්ධනය වීම වළක්වා ගැනීම සදහා මෙලෙස අදාළ පීඨ දෙක වසා දැමූ බව උපකුලපතිවරයා සඳහන් කළා.

 

රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතරද ඊයේ දහවල් ඇතිවු ගැටුමකින් සිසුන් 05 දෙනෙකු තුවාල ලැබුවා. විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙපිරිසක් අතරයි මෙම ගැටුම ඇතිවුණේ.

 

මේ අතර, දියතලාව ගුවන් හමුදා කඳවුරේ නායකත්ව පුහුණුව ලබන වෛද්‍ය ශිෂ්‍යාවකට පුහුණුකරුවන් දඬුවම් පැමිණවීම නිසා ඇය රෝගාතුර වී ඇතැයි අද (02) මාධ්‍ය මගින් කරුණු අනාවරණය කර තිබුණා. මේ සම්බන්ධයෙන් එම සිසුවියගේ දෙමව්පියන් ආරක්ෂක ලේකම්වරයාටද පැමිණිලි කර ඇති බවයි එහි දැක්වුණේ. කෙසේ වෙතත්, අප මේ සම්බන්ධයෙන් විමසා සිටියේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂ කීර්ති මාවැල්ලගෙන්. ඔහු ඊට දැක්වු ප්‍රතිචාරයයි මේ.

 
[MP3]s50660[/MP3]