දෝෂාභියෝගය සම්බන්ධයෙන් එජාපය උසාවි යාමෙන් වළකී.

Wednesday, 02 January 2013 - 12:57

%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%93.

දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයක් නිසා සිය පක්ෂය අධිකරණයට යාමෙන් වැළකී සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මේ බව සඳහන් කළේ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. දෝෂාභියෝග පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එරෙහිව  අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක විසින් ගොනු කළ පෙත්සම හෙට අභියාචනාධිකරණයේ දී විභාගයට ගැනීමට නියමිතයි. කතානායකවරයා, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නියෝජිතයන්ට හෙට අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නියෝජනය කරන බැවින් ඊට සහභාගී වනවාද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියා එහිදී පක්ෂ මහ ලේකම්වරයාගෙන් ප්‍රශ්න කර සිටියා.

 

[MP3]s50662_1[/MP3]

 

කෙසේ වෙතත්, එම තේරීම් කාරක සභාව නියෝජනය කළ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ අධිකරණය විසින් ලබාදෙන  ඕනෑම තීන්දුවක් එක්සත් ජාතික පක්ෂය විසින් පිළිගන්නා බවයි.

 

[MP3]s50662_2[/MP3]

 

අභියාචනාධිකරණය නිකුත් කර ඇති නොතීසිවලට අනුව හෙට දිනයේදී අධිකරණයේ පෙනී සිටින්නේ දැයි දැන ගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයෙකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත්, එය ව්‍යර්ථ වුණා. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මීට පෙර අප කළ විමසීමකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

 

[MP3]s50662_3[/MP3]

 

දෝෂාභියෝග ක්‍රියාවලියේදී මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය එහි සාමාජිකයන්ට එරෙහිව නොතීසි නිකුත් කළ අතර එහිදී කතානායකවරයා ලබාදුන් තීන්දුව අනුව අභියාචනාධිකරණය ඉදිරිපත් කර ඇති නොතීසි සම්බන්ධයෙන්ද කටයුතු කරන බවයි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි සඳහන් කළේ.

 

[MP3]s50662_4[/MP3]                         

 

දෙමළ ජාතික සන්ධානයද දෝෂාභියෝගය විභාග කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නියෝජනය කරන බැවින් එහි ස්ථාවරය දැන ගැනීම සඳහා හිරු ප්‍රවෘත්ති අංශය එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සම්බන්ධ කරගනු ලැබුවා. ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ හැක්කේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ද නියෝජනය කළ තම සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ට පමණක් බවයි.



ජලාශ කිහිපයක අවට සිටින ජනතවට අනතුරු ඇගවීම්
Wednesday, 27 May 2020 - 11:58

ඊයේ රාත්‍රියේ කලවාන, වැද්දාග, ප්‍රදේශවලට ඇඳ හැලූණු වර්ෂාව... Read More

කොවිඩ් -19 අසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 344 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 11:21

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය ඇරඹේ
Wednesday, 27 May 2020 - 11:19

කොරෝනා වසංගතය පැතිර යාමත් සමඟ ඇණහිට තිබූ උඩරට මාර්ගයේ දුම්රිය... Read More