නීතීඥ සංගමයේ සභාපති ධුරයට වෙනත් අපේක්ෂකයෙක් ?

Wednesday, 02 January 2013 - 19:13

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%3F



ලබන මස  20 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා නීතීඥ සංගම් නිලවරණයේදී එහි සභාපති ධුරයට තරඟ කිරීම සඳහා ජනාධිපති නීතීඥ ජෙෆ්රි අලගරත්නම් ඉදිරිපත් වීමට සූදානම්වනවා. මෙවර නිලවරණය සඳහා නාමයෝජනා ලබාගැනීම මේ මස 10 වැනිදායින් අවසන් වීමට නියමිත බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් නීතීඥ සංජය ගමගේ ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් මෙවර නිලවරණයේදී නැවත වරක් තමන් නීතීඥ සංගමයේ ලේකම් ධුරයට තරඟ කිරීමට තීරණය කළ බවද ඔහු ප්‍රකාශ කළා. එහෙත් දැනට නීතීඥ සංගමයේ සභාපති ධුරය දරන පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ යළිත් වරක් එම ධුරයට තරඟ නොකරන බවට තමන්ට මේ දක්වා දැනුම්දීමක් සිදුකර නොමැති බවයි නීතීඥ සංජය ගමගේ ප්‍රකාශ කළේ.

[MP3]s50684[/MP3]

නීතීඥවරුන් 14000 ක් පමණ සාමාජිකත්වය දරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගය සම්බන්ධයෙන් යෝජනා කිහිපයක්ද පසුගියදා සම්මත කරගත්තා. වත්මන් අගවිනිසුරුවරියව ඉවත්කර නව අගවිනිසුරුවරයෙක් පත්කළහොත් ඔහුව පිළි නොගන්නා බවට වූ යෝජනාවක්ද ඊට ඇතුළත්. කෙසේ වෙතත් එම යෝජනාව ඒකමතික නොවන බව පවසමින් සංගමයේ උප සභාපතිනි අනෝමා ගුණතිලක සිය තනතුරෙන් ඉල්ලා අස්වුණා.