ප්‍රමිතියෙන් තොර ඖෂධ සපයන සමාගම්වලට එරෙහිව නව නීති.

Thursday, 03 January 2013 - 7:46

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB+%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B7%83%E0%B6%B4%E0%B6%BA%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92.



ප්‍රමිතියෙන් තොර ඖෂධ සපයන සමාගම් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව නව නීති මාලාවක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වනවා. පසුගිය කාල සීමාව තුළ ප්‍රමිතියෙන් තොර ඖෂධ සැපයූ සමාගම් කිහිපයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනු ලැබුවා. මෙහි ආසන්නතම සිදුවීම වාර්තාවුණේ මීට සතියකට පමණ පෙර කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිජීවක ඖෂධ කුප්පියක වීදුරු කැබැල්ලක් හමුවීමයි. ඊට අදාළ ප්‍රතිජීවක ඖෂධ තොගය භාවිතයෙන් ඉවත් කිරීමට සහ ඖෂධය සැපයූ අදාළ ඉන්දීය සමාගම සම්බන්ධයෙන් ඉන්දීය රජය දැනුවත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ තීරණය කළා. පසුගිය වසරේදීද මෙලෙස ප්‍රමිතියෙන් තොර ඖෂධ සැපයූ ඖෂධ සමාගම් 2 ක් අසාදු ලේඛන ගත කෙරුණා.

 
කිසියම් ඖෂධ සමාගමක් වසර 3 ක් තුළ එම සමාගමේ ඖෂධ නිෂ්පාදන සම්බන්ධයෙන් ගැටළු සහගත අවස්ථා 10 කට මුහුණ දුනහොත් එම සමාගම අසාදු ලේඛණ ගත කළ හැකි පරිදි ඉදිරියේදී නීති සකස් කෙරෙනු ඇති. එමෙන්ම අදාළ ප්‍රමිතියෙන් තොර ඖෂධයට සෞඛ්‍ය අමාත්‍යාංශය වැය කළ මුදල සියයට 100 ක්ම අදාළ සමාගමෙන් අයකරගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තිබෙනවා. මීට අමතරව ඖෂධ මිලදී ගැනීමේ ටෙන්ඩර් පටිපාටිය සංශෝධනය කිරීම සම්බන්ධයෙන්ද අවශ්‍ය පියවර ගැනීමට තීරණය කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories