ආණ්ඩුව සහ එ.ජා.ප. ය අධිකරණයට නොයයි. ටී.එන්.ඒ සහ ජ.වි.පෙ යයි.

Thursday, 03 January 2013 - 7:57

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4.+%E0%B6%BA+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2.%E0%B7%80%E0%B7%92.%E0%B6%B4%E0%B7%99+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

පෙත්සම විභාග කරන අද දිනයේදී කථානායකවරයා, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා හා තේරීම් කාරක සභාවේ නියෝජිතයන්ට අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඉකුත් දෙසැම්බර් 21 වැනිදා නොතීසි නිකුත් කෙරුණා.

කෙසේ වෙතත් කථානායකවරයා හෝ ආණ්ඩුව නියෝජනය කළ තේරීම් කාරක සභාවේ සාමාජිකයන් 7 දෙනා සහ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් දෙදෙනා අද අධිකරණය හමුවේ පෙනී නොසිටීමට තීරණය කර තිබෙනවා. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක තේරීම්ි කාරක සභාවට එරෙහි පෙත්සමේ නොතීසි සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

[MP3]s50701_1[/MP3]

මේ අතර කථානායකවරයාගේ තීන්දුවට ගරු කරමින් තම සාමාජිකයන්ද අධිකරණය හමුවේ පෙනී නොසිටින බවයි ආණ්ඩුව නියෝජනය කළ තේරිම් කාරක සභාවේ සාමාජිකයන් ප්‍රකාශ කළේ. ඒ පිළිබඳව කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැහැදිළි කරන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා.


[MP3]s50701_2[/MP3]

එහෙත් දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අද දිනයේ අධිකරණය හමුවේ පෙනි සිටීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දෝෂාභියෝග තේරීම් කාරක සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කරන දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් වෙනුවෙන් තමන් අද අධිකරණය ඉදිරියේ පෙනී සිටින බවයි එම සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා පැවසුවේ.

[MP3]s50701_3[/MP3]                   

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ තේරීම් කාරක සභාවේ තම නියෝජිතයා වන විජිත හේරත් මන්ත්‍රීවරයා අද අභියාචනාධිකරණයේ පෙනී සිටින බවයි.

[MP3]s50701_4[/MP3]