මාස 21 ක් ඇතුළත සිරියාවේ හැට දහසක් මරුට.

Thursday, 03 January 2013 - 8:04

%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+21+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AD+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%90%E0%B6%A7+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.



ගතවූ මාස 21 ක කාල සීමාව තුළ සිරියාවේ අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් පුද්ගලයන්  60, 000 ක් පමණ ජීවිතක්‍ෂයට පත්වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. තවත් දහස් ගණනක් තුවාල ලබා ඇති බවයි එම සංවිධානය සඳහන් කර ඇත්තේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවිපිල්ලෙයි සඳහන් කර ඇත්තේ මෙම ගැටුම් හේතුවෙන් කාන්තාවන් සහ ළමුන් විශාල සංඛ්‍යාවක් ද ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි. නව වසරේ ආරම්භයත් සමග සිරියාව තුළ පවතින අභ්‍යන්තර ගැටුම් තවදුරටත් වර්ධනය වී ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්. සිරියාව තුළ දිගින් දිගටම ගුවන් ප්‍රහාරද එල්ල වන බවයි වාර්තාවන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය සඳහන් කර ඇත්තේ සාකච්ඡා සිදුකළද සිරියානු රජයේ හමුදා ප්‍රහාර නැවැත්වීමට කටයුතු කර නොමැති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories