ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාව දූෂණය කළ සැකකරුවන් අද අධිකරණයට.

Thursday, 03 January 2013 - 13:24

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7.

දිල්ලි නුවර බස් රථයක් තුළ සමූහ දූෂණයට ලක්වූ ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාවක් මියයාමේ සිද්ධියේ සැකකරුවන් අද දිල්ලි අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සැකකරුවන් 5 දෙනෙකු මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කරන අතර සිද්ධියේ 6 වන සැකකරුගේ සැබෑ වයස හඳුනාගැනීම සඳහා වෙනම පරීක්ෂණයක් සිදුකරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ. 6 වන සැකකරු වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයෙකු ලෙසයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. මෙම සැකකරුවන් වැරදිකරුවන් බවට පත්වුවහොත් මරණ දඬුවම හිමිවනු ඇති බව ද ඉන්දීය වාර්තා සඳහන් කළා. මේ වනවිටත් වෛද්‍ය ශිෂ්‍යාව දූෂණය කර ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් අදත් ඉන්දියාව පුරා විරෝධතා පැවැත්වෙනවා. ඒ මියගිය වෛද්‍ය ශිෂ්‍යාවට සාධාරණයක් ඉෂ්ඨ කරන ලෙස බලකරමින්. පසුගිය දෙසැම්බර් 16 වැනිදා සිය පෙම්වතා සමඟ චිත්‍රපටයක් නරඹා බස් රථයකට ගොඩ වූ ඇය එහි රියදුරු ඇතුළු 6 දෙනෙකු අතින් දරුණු ලෙස දූෂණයට ලක්වුණා. වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය ඇතුළත් කෙරුණේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලටයි. එහි ප්‍රතිකාර ලබමින් සිටි ඇය පසුගිය දෙසැම්බර් 28 වැනිදා ජීවිතක්ෂයට පත්වුණා. කෙසේ වෙතත්, නවදිල්ලිය තුළ පමණක් සෑම පැය 14 කට වරක් කාන්තාවක් දූෂණයට ලක්වන බව ඉන්දීය වාර්තා පෙන්වා දෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories