කන්තලේ ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි.

Thursday, 03 January 2013 - 14:50

%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.



දිවයිනේ පළාත් කිහිපයකට ඇදහැලෙන වැසි හේතුවෙන් කන්තලේ ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු අද දිනයේ යලි විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න පැවසුවේ කන්තලේ ජලාශයේ වාන්දොරටු 10 න් දොරටු 2 ක් අඟල් 9 බැගින් විවෘත කළ බවයි. ඊට අමතරව, මින්නේරිය සහ මහකනදරාව ජලාශයේ වාන්දොරටු ද අද විවෘත කර තිබෙනවා. දිවයිනට නැගෙනහිරින් හමන සුළං ප්‍රවාහයේ ඇති වී තිබෙන කැළඹිලි සහගත  තත්ත්වය හේතුවෙන් උතුර, නැගෙනහිර,ඌව, උතුරුමැද යන පළාත්වලට මෙන්ම, හම්බන්තොට දිස්ත්‍රික්කයට ද ඉදිරියේදී වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඇතැම් අවස්ථාවන්වලදී තද සුළං ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories