මීළඟ අගවිනිසුරු ගැන දේශ හිතෛශීන්ගෙන් ඉඟියක්.

Thursday, 03 January 2013 - 18:39

%E0%B6%B8%E0%B7%93%E0%B7%85%E0%B6%9F+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%9B%E0%B7%81%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%9F%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විපක්ෂයේ පක්ෂ අතර මතගැටුම් උද්ගතවීම දක්වා මේ වනවිට වර්ධනය වී තිබෙනවා. එමෙන්ම, අගවිනිසුරුවරිය සහ දේශපාලනය අතර ඇති සම්බන්ධයක් පිළිබඳව ද ඇතැම් පාර්ශව දක්වන්නේ විවිධ අදහස්.

 

දෝෂාභියෝගය සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහි එක මතයක සිටි විපක්ෂයේ පක්ෂ මේ වනවිට දෙකට බෙදී ඇත්තේ පාර්ලිමේන්තුව ද අධිකරණය ද යන ප්‍රශ්නය මුල් කරගනිමින්. ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ සන්ධානය අධිකරණයට යාමට තීරණය කරද්දී එක්සත් ජාතික පක්ෂය එය ප්‍රතික්ෂේප කළා.

 

එක්සත් ජාතික පක්ෂයේ මෙම ක්‍රියාමාර්ගය ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී විවේචනයට ලක් කළා. ඊට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයා අද (03) පිළිතුරු ලබා දුන්නා.

 

[MP3]s50753_1[/MP3]                  

 

නීතිඥ එකමුතුව මෙන්ම සරසවි ආචාර්යවරුන් එකමුතුවක් ද අද මාධ්‍ය හමු 2 ක් කැඳවා තිබුණා. දෝෂාභියෝග වාර්තාව පාර්ලිමේන්තු විවාදයට ගතහොත් වීදි බසින බව නීතීඥ ශ්‍රීනාත් පෙරේරා පවසද්දී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නෙම්සිරි ජයතිලක කියා සිටින්නේ සියල්ල සිදුවී ඇත්තේ ව්‍යවස්ථාවට අනුකූල බවයි.

 

[MP3]s50753_2[/MP3]                                           

 

අගවිනිසුරුවරිය ඉවත්විය යුතු බව පවසන පාර්ශවයන් අතර ද වෙනස් අදහස් පවතින්නේ ආණ්ඩුව මීළඟට ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳ පැහැදිලි නොවීම හේතුවෙන්. යුක්තිය උදෙසා ජනතා ව්‍යාපාරය කොළඹ - කොටුවේ අද (03) උද්ඝෝෂණයක් පැවැත්වූයේ අගවිනිසුරුවරිය ඉවත්විය යුතු බව පවසමින්.

 

 

[MP3]s50753_3[/MP3]                

 

එහෙත්, අද පැවති මාධ්‍ය හමුවකදී දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ සභාපති ගුණදාස අමරසේකර ප්‍රකාශ කළේ හිස්වන අගවිනිසුරු ධුරයට පත් කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින විනිසුරුවරයෙකුම බවයි.

 

 

[MP3]s50753_4[/MP3]                            

 

කෙසේ වෙතත්, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා, අගවිනිසුරුවරියට දේශපාලනයට පැමිණෙන්නැයි ඇරයුම් කිරීම ද මේ වනවිට දැඩි කථාබහට ලක්වනවා. ඒ පිළිබඳ අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද ජාතික නිදහස් පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අමාත්‍ය විමල් වීරවංශ ද අදහස් ඉදිරිපත් කළා.  

 

 

[MP3]s50753_5[/MP3]                                 

 

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ද අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී අදහස් දැක්වූ එහි නායක සරත් ෆොන්සේකා.

 
[MP3]s50753_6[/MP3]