අගවිනිසුරුවරියගේ පෙත්සම සලකා බැලීම 7 වැනිදා.

Thursday, 03 January 2013 - 18:49

%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+7+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F.

විනිසුරුවරයෙකුට එරෙහිව තීරණවලට එළඹීමට දෝෂාභියෝග පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට නීතිමය බලයක් නොමැති බව අභියාචනාධිකරණය අද (03) ප්‍රකාශ කළා. අභියාචනාධිකරණය මේ බව කියා සිටියේ තේරීම්කාරක සභාවට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් 6 ක් සම්බන්ධයෙන් ශ්‍රේ‍්‍රෂ්ඨාධිකරණය ලබාදුන් ව්‍යවස්ථා අර්ථ නිරූපණය ප්‍රකාශයට පත්කරමින්. එම පෙත්සම් 6 මේ මස 15 වැනිදා යළි විභාගයට ගැනීමට නියමිතයි. අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සාලිය පීරිස් අභියාචනාධිකරණයේ ප්‍රකාශයෙන් පසුව ඒ පිළිබඳ මෙසේ පැහැදිලි කළා.

 

[MP3]s50755_1[/MP3]                                         

 

මෙම අර්ථ නිරූපණය ලබාදීමෙන් අනතුරුව අභියාචනාධිකරණය තීරණය කළේ දෝෂාභියෝග කාරක සභා වාර්තාවට එරෙහිව අගවිනිසුරුවරිය ගොනුකර ඇති පෙත්සම විභාග කිරීමටයි. එය නැවත මේ මස 7 වැනිදා කැඳවනු ඇති. ඒ පිළිබඳව ද පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සාලිය පීරිස් පැහැදිලි කළා.

 

[MP3]s50755_2[/MP3]         

 

කෙසේ වෙතත්, අගවිනිසුරුවරියගේ පෙත්සමට මැදිහත්වීමට ඉඩ ලබා දෙන්නැයි අතරමැදි පෙත්සම් දෙකක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබුණා. එහෙත් ඒවා ඉවත දැමීමට අභියාචනාධිකරණයේ සභාපති ශ්‍රී ස්කන්ධරාජා, අනිල් ගුණරත්න, ඒ.ඩබ්ලිව්.ඒ.සලාම් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළා. නීතිපතිවරයාගේ මැදිහත්වීම සිදුවන නිසා වෙනත් පාර්ශවයන්ගේ මැදිහත්වීමක් අවශ්‍ය නොවන බවයි විනිසුරු මඩුල්ලේ අදහස වූයේ. ඒ පිළිබඳ පැහැදිලි කළ අතරමැදි පෙත්සම් දෙක වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මඩුල්ලේ නීතීඥයෙකු වන බී.මානවඩු.

 

[MP3]s50755_3[/MP3]                                    

 

අගවිනිසුරුවරියගේ පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ පෙනී සිටින්නැයි කථානායකවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ තේරීම්කාරක සභා නියෝජිතයින් 11 දෙනාට නොතීසි නිකුත් කර තිබුණා. එහෙත් එම නොතීසි අනුව අධිකරණයේ පෙනී සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් සහ දෙමළ සන්ධානයේ ආර්.සම්බන්ධන් වෙනුවෙන් නීතීඥ එම්.ඒ.සුමන්දිරන් මන්ත්‍රීවරයායි. ඔවුන් මෙසේ පෙනී සිටියේ පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් වන අධිකරණ නියෝග පිළිනොගන්නා බව චමල් රාජපක්ෂ සහ අනුර බණ්ඩාරනායක යන කථානායකවරුන් ප්‍රකාශ කර තිබියදීයි.

 

ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ එම්.ඒ.සුමන්දිරන් මන්ත්‍රීවරයාගෙන් ඒ පිළිබඳ මාධ්‍යවේදීන් විමසා සිටියා.

 

[MP3]s50755_4[/MP3]       

 

විජිත හේරත් මන්ත්‍රීවරයාගෙන් ද මාධ්‍යවේදීන් එම ප්‍රශ්නයම විමසා සිටියා.

 

[MP3]s50755_5[/MP3] 

 

මෙසේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අධිකරණයේ පෙනී සිටීම පිළිබඳ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍යහමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල දැක්වූයේ මෙවන් අදහසක්.

 

[MP3]s50755_6[/MP3]         

 

නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි ද පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ දෝෂාභියෝග සම්බන්ධ ක්‍රියාවලිය ව්‍යවස්ථානුකූල බවයි.

 

[MP3]s50755_7[/MP3]



\
Thursday, 09 July 2020 - 23:01

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Thursday, 09 July 2020 - 22:22

මෛත්‍රී ගිහින් පංච මහා බලවේගය අලියාගේ නැට්ටේ ගැට ගැසූ බව... Read More

දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More