දෝෂාභියෝග නීති වෙනස් කරන්නැයි එජාපය කථානායකගෙන් ඉල්ලයි.

Friday, 04 January 2013 - 7:48

%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

දෝෂාභියෝග වැඩපිළිවෙල සඳහා නව නීති සකස් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ලබාදුන් අර්ථ නිරූපණය කියවා කතානායකවරයා විසින් මෙම නව නීති සම්පාදනය කිරීම වඩාත් ප්‍රායෝගික බවයි. එම නීති ස්වභාවික යුක්තියට සරිලන ලෙස සහ ව්‍යවස්ථාවට පටහැනි නොවන ආකාරයෙන් සකස් කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළා.

 

[MP3]s50778_1[/MP3]                                        

 

අනුරාධපුරයේ ඊයේ (03) පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන ද දෝෂාභියෝගය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

 
[MP3]s50778_2[/MP3]                                                       

 

ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (03) ලබාදුන් අර්ථ නිරූපණයත් සමඟ තේරීම්කාරක සභාව නීතිය ඉදිරියේ බල රහිත බව අගවිනිසුරුවරිය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතීඥ සාලිය පීරිස් ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ තේරීම්කාරක සභාව පත් කර ඇත්තේ ස්ථාවර නියෝග අනුව බැවින් එය නීතියක් ලෙස පිළිනොගන්නා බවයි.

 

කෙසේ වෙතත්, අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝග යෝජනා විමර්ශණය කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති තීන්දුව ද පාර්ලිමේන්තුව පිළිනොගන්නා බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ විනිසුරුවරයෙකුට එරෙහිව තීරණවලට එළැඹීමට දෝෂාභියෝග පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට බලයක් පවතින බවයි.  

 

[MP3]s50778_3[/MP3]       



වැස්සත් සමඟ දිස්ත්‍රික්ක 7කට නාය යාමේ අවදානම්
Wednesday, 27 May 2020 - 9:20

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක 7ක නායයෑම්,... Read More

ඇඳිරි නීතිය කැඩූ තවත් 411ක් අත්අඩංගුවට
Wednesday, 27 May 2020 - 9:15

ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක... Read More

අභාවප්‍රාප්ත ඇමති තොණ්ඩමන් අගමැති මහින්ද හමු වී අවසන් වරට කළ ඉල්ලීම
Wednesday, 27 May 2020 - 9:13

අභාවප්‍රාප්ත වූ ඇමති අරුමුගන් තොණ්ඩමන්ගේ අවසන් ඉල්ලීම (වීඩියෝ)ඊයේ... Read More