නීති ප්‍රවේශයේ අක්‍රමිකතා වෙලා. - ඇමති පාඨලී.

Friday, 04 January 2013 - 8:07

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A8%E0%B6%BD%E0%B7%93.

2012 නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ අක්‍රමිකතා සිදුවූ බවට සාධක සහිතව ඔප්පු කර පෙන්විය හැකි බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. නීති විභාගය පිළිබඳ මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ ඊයේ (03) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

 

[MP3]s50788_1[/MP3]

 

මෙම සම්මන්ත්‍රණයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ද එක්ව සිටියා. ඔහු කියා සිටියේ නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව පටු ලෙස නිර්වචනය නොකළ යුතු බවයි.

 

[MP3]s50788_2[/MP3]

 

මෙවර නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේදී මුස්ලිම් සිසුන් වැඩි සංඛ්‍යාවක් සමත් කර ඇති බවට අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම්ට විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වුණා. කෙසේ වෙතත් අමාත්‍යවරයා සඳහන් කළේ ලබන 8 වැනිදා මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී සිදුකරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories