දිවිනැගුමට සහය දෙනවාද ? මු.කො. සහ වමේ පක්ෂ දෙගිඩියාවෙන්.

Friday, 04 January 2013 - 12:58

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%AF+%3F+%E0%B6%B8%E0%B7%94.%E0%B6%9A%E0%B7%9C.+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%AF%E0%B7%99%E0%B6%9C%E0%B7%92%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.

ලබන 08 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත දිවිනැගුම සංශෝධිත පනත් කෙටුම්පතට සහයෝගය පළ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මුස්ලිම් කොංග්‍රසය සහ වාමාංශික පක්ෂ මෙතෙක් තීරණයකට එළැඹී නොමැති බව වාර්තා වනවා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී හසන් අලී කියා සිටියේ අද (04) පස්වරුවේ රැස්වන තම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීමට නියමිත බවයි. කෙසේ වෙතත්, මීට පෙර දිවිනැගුම පනත් කෙටුම්පත නැගෙනහිර පළාත් සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී පනත් කෙටුම්පතට පක්ෂව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් ඡන්දය භාවිත කළා. නමුත් මුස්ලිම් කොංග්‍රසය ඔවුන්ට දැනුම් දී තිබුණේ පනත් කෙටුම්පතට ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටින ලෙසයි. එය කඩකරමින් පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කිරීම නිසා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නැගෙනහිර පළාත් සභාවේ එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව මේ වනවිට විනය පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා.

 

මේ අතර, සමසමාජ පක්ෂය ලබන ඉරිදා පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි එහි නායක අමාත්‍ය තිස්ස විතාරණ කියා සිටියේ. මේ වනවිටත් දිවිනැගුම පනත් කෙටුම්පතෙහි සංශෝධන කිහිපයක්ද සිදුකරන ලෙස ඉල්ලා යෝජනාවලියක්ද ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත තම පක්ෂය විසින් යොමුකර ඇති බවද ඔහු එහිදී සඳහන් කළා.

 

දිවිනැගුම පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කරගත යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර දැනුම් දී තිබුණේ. එමෙන්ම අමාත්‍යවරයා විසින් පරිපාලන කලාප පිහිටුවීමේ යෝජනාව ජනමත විචාරණයකින් සම්මත කරගත යුතුයි. එසේ නොමැතිනම් අමාත්‍ය මණ්ඩලය විසින් අදාල පරිපාලන කලාපවලට නියෝජිතයන් පත් කිරීමට අදාල සංශෝධනය සිදුකළ යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ. දිවිනැගුම පනතට එරෙහිව පෙත්සම් 14 ක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර ඒවා සළකා බැලීමෙන් අනතුරුවයි එමගින් අදාළ නිර්දේශ ඉදිරිපත් කළේ. නව සංශෝධිත පනත ඉදිරිපත් කෙරෙන්නේ අදාළ නිර්දේශවලට අනුකූලව බව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කළා.



සහල් මිල පාලනය කිරීමට නොහැකි වීමට හේතුව පසුගිය රජය වී අඩු මිලට විකිණීමයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 20:13

වී අලෙවි මණ්ඩලය සතුව තිබූ වී තොග පසුගිය රජය විසින් අඩු මිලට... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයින් පනස් අට ලක්ෂය ඉක්මවයි
Thursday, 28 May 2020 - 19:37

ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට පනස් අට ලක්ෂ 13,289 දක්වා... Read More

එජාපය සහ සමගි බලවේගය හෙට වෙන වෙනම රැස්වේ
Thursday, 28 May 2020 - 19:29

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය හෙට දිනයේදී වෙන වෙනම... Read More